එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය මුල් කරගෙන පුළුල් ජාතික සහ අන්තර්ජාතික වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට අපට භාග්‍යය ලැබුණු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයේ සමාප්ති උළෙලේ දී පැවසීය.
මහනුවර දළදා මාලිගාවේ දී පැවැති සමාප්ති උත්සවයේ දී අදහස් දැක්වූ ජනපතිවරයා කියා සිටියේ රටවල් 72 ක බෞද්ධ නායකයින් මෙරටට පැමිණීම අප රටට කරන ලද විශාල ගෞරවයක් බවයි.
‘‘ඉන්දීය අග‍්‍රමාත්‍යතුමාගේ පැමිණීමත්, නේපාල ජනාධිපතිතුමියගේ පැමිණීමත් ඒවගේම රටවල් 72 ක මැති ඇමතිවරු, විශේෂ නියෝජිතයින්, ගෞරවණීය පූජනීය මහා සංඝරත්නය ඒ ඒ රටවල්වල ජාතික හා ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන ඒ සියල්ල සහභාගි කර ගනිමින් තමයි මේ මහා උතුම් පුණ්‍ය කටයුත්ත අපිට සාර්ථකව ඉටු කිරීමට පුළුවන් වුණේ. රටවල් 72 ක නියෝජිතයින්ගේ එකඟත්වයෙන් ඉදිරි බෞද්ධාගමික වැඩකටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ගතයුතු වැඩපිළිවෙළ පිළිබඳව ප‍්‍රකාශනයක් මහනුවර ප‍්‍රකාශනය නමින් නිකුත් කිරීමට ලැබීම ඉමහත් භාග්‍යක් කියා මා විශ්වාස කරනවා‘‘
‘‘අද ලෝකය පුරා සෑමතැනම පවතින්නේ ගැටුම් බව අපි දන්නවා. ඒත් බෞද්ධ දර්ශනය තුළින් ගැටුම්වලට විසඳුම්, දුගීභාවයට විසඳුම් තිබෙන බව අපි දන්නවා.“
“අද සමාජය ගත්තත් පවුල් සංස්ථාව ගත්තොත් ගෙදරක මව සහ පියා අතරේ ගැටුම්. පවුලේ සහෝදර සහෝදරියන් අතරේ ගැටුම්. පවුල් සංස්ථාව තුළ ගැටුම්. කාර්යාලය තුළ ගැටුම්. බස් නැවතුම්පොළ තුළ ගැටුම්. අද ගැටුමක් නොමැති තැනක් නැහැ . සෑම රටකම විවිධ ආකාරයේ ගැටුම්.“
“ජාත්‍යන්තර වශයෙන් ගැටුම්. අද උතුරු කොරියාව සහ දකුණු කොරියාව ඉතාමත් තීරණාත්මක තැනක සිටිනවා. අපිට ථේරවාදී බෞද්ධ දර්ශනය මුල්කර ගනිමින් මුළු ලෝකයේ සිටින සියලූම බෞද්ධ ජනතාව එක් වූ ජාත්‍යන්තර සංවිධානයක් ඇති කිරීම බිහි කිරීම තුළ ලෝකයේ විසිරී සිටින සෑම බෞද්ධයෙක්ම ජාත්‍යන්තර වශයෙන් එක සංවිධානයක් යටතට මේ මහනුවර ප‍්‍රකාශනය මගින් පත් කර ගැනීමට ලැබීම මා සිතනවා අපිට බෞද්ධයින් විදියට ඉමහත් වූ සතුටට කාරණයක් කියලා‘‘ යැයි ද ජනපතිවරයා එහිදී කීවේය.

