මහනුවර පළාත් රෝහල්වල වෛද්‍යවරු වැඩ වරති


ඩබ්ලිව්.ඒ. අසේල
 
මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව දිස්ත්‍රික්කයේ සියලුම පළාත් සභාවට අයත් රෝහල්වල වෛද්‍යවරු අද (26) වැඩ වර්ජනයක් දියත් කොට ඇත.
 

ඒ අනුව ප්‍රදේශයේ ප්‍රාදේශිය රෝහල් ග්‍රාමීය රෝහල් බොහොමයක වැඩ කටයුතු අද දින අඩාල වි ඇති අතර දුෂ්කර ගම්වල සිට බාහිර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බොහෝ රෝගීන් දැඩි අපහසුතාවයකට පත්වී සිටියහ.
 
නේවාසික රෝගීන්ගේ  ප්‍රතිකාර කිරීම සහ හදිසි අවස්ථා සඳහා ප්‍රතිකාර ලබාදුන් අතර හෙට (27) උදෑසන වන විට වර්ජනය අවසන් වනු ඇතැයි වර්ජනයට සම්බන්ධ වෛද්‍යවරු ප්‍රකාශ කර සිටියහ.