මහනුවර පස් කන්දකට යටවී දෙදෙනකු රෝහලේ


(චමිල් රූපසිංහ)

මහනුවර දොඩම්වල අනිවත්ත ප්‍රදේශයේ  නිවසක් ඉදිරිපිට තාප්පයක් ඉදි කරමින් සිටි කම්කරුවන් පිරිසක් මතට අද (20) එම තාප්පය සමඟ පස් කන්දක් කඩා වැටීමෙන්  ඊට යටවූ කම්කරුවන් දෙදෙනකු බරපතල තුවාල ලැබ මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

නිවස ඉදිරිපිට කොන්ක්‍රීට් බැම්මට ඉහළින්වූ පස් කන්ද බුරුල් වී එක්වරම පහළට කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනා ඊට යටවී  ඇති අතර එක් අයෙකු ඒ මොහොතේම බේරා ගත්තද පස් යට සිරවී සිට අනෙක් පුද්ගලයා පිටතට ගැනීමට විනාඩි 10 ට වඩා  කාලයක් ගතවූ බව ප්‍රදේශවාසීහූ  පැවැසූහ     .

මොවුන්කොස්හින්න ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර පස් කන්දට යටව රෝහල් ගත කළ පුද්ගලයින්ගෙන්  දෙදෙනා අතරින් පස් යට සිරවී සිටි පුද්ගලයා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබෙන බව පොලීසිය පැවැසිය.