මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතියේ සේවකයෙක් පස් කන්දකට යටවේ


(ජේ. ඒ. එල් ජයසිංහ)

මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර විලියම් ගොපල්ලව මාවතේ සේවය කළ කම්කරුවකු ඉදිකිරීම් කටයුත්තක යෙදී සිටියදී පස්කන්දකට යට වී (31) බරපතළ තුවාළ ලබා ඇති බව මහනුවර පොලිස් මූලස්ථානය පවසයි.

විශාල බැම්මක් ඉදිකිරීම සඳහා පස් කන්දක් කැපීමේදී පස් කන්දක් කඩා වැටී එහි සේවය කරමින් සිටි සේවකයා පස්වලට යටවී මෙලෙස බරපතළ තුවාළ ලබා මහනුවර රෝහලට ඇතුලත් කර ඇත.