මහනුවර ත‍්‍රිත්ව විදුහලට ලකුණු 54 - 17 ක ජයක්


‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරගයේදී මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 54-17 කින් පරදවා මහනුවර ත‍්‍රිත්ව විදුහල් කී‍්‍රඩකයෝ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුහ. තරගයේ පළමු අර්ධයේදීම ත‍්‍රිත්ව විදුහල ලකුණු 32-3 ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්විය. තරගාවලියට ‘මයිලෝ’ අනුග‍්‍රහය දක්වයි.