(මොහොමඩ් ආසික්)
තැපැල් සේවක වෘත්තීය සමිති සම්මේලනය ගෙන යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු තැපැල් කාර්යාල අද (13) වසා තැබීම නිසා තැපැල් සේවාව මුළුමනින්ම බිඳ වැටී තිබිණි.
බොහෝ තැපැල් කාර්යාලවලට ජනතාව පැමිණ ආපසු යන අයුරු දක්නට ලැබිණි.
මහනුවර නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඩී.ඇස්.සේනානායක වීදිය මධ්‍යම වෙළඳපොළ තැපැල් කාර්යාලය ද කටුගස්තොට අකුරණ පූජාපිටිය ඇතුළු ආසන්න තැපැල් කාර්යාලය වසා තිබෙනු දක්නට ලැබිණි.