මහනුවර දෙයියන්නේවෙල පෞද්ගලික උපකාර පංතියකදී සඳුදා (15) සිසුන් දෙදෙනෙකුට පහර දුන් පැමිණීම් ලකුණු කරන්නකු සොයා පරික්ෂණ අරඹා ඇතැයි මහනුවර පොලිසිය කියයි.
උසස්පෙළ භෞතික විද්‍යා පංතියකදි එහි ඉගැන්විම් කටයුතු පැවැත් වෙන අතර තුර ගුරුවරයාට පංතියේ සිසුවකු එවු තුංඩු කැබැල්ලක් ලැබී ඇති අතර එය අනවශ්‍ය එකක් බව පවසා පැමිණීම් ලකුණු කරන්නාට ලබාදී ඇත.
පැමිණීම් ලකුණු කරන්නා මෙම තුංඩුව එවු බවට සැක කරන මහියංගනය හා උඩුමුල්ල කටුගස්තොට ප්‍රදේශවල සිසුන් දෙදෙනකුට පහර දී ඇති බවත් එක් සිසුවෙකු කටුගස්තොට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති බවත් පොලිසිය පවසයි.
මෙම උපකාරක පංතියේ කාඩ් ලකුණු කිරීම සඳහා දෙයියන්නවල ප්‍රදේශයේම පදිංචිකරුවන් සේවයේ යොදවා ඇති බවත් ඔවුහු සිසුන් බිය වද්දමින් සිටින බවත් දෙමාපියන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

