ඩයනා උදයංගනී
මහනුවර නගරයේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් හානි වූ ව්‍යාපාර ස්ථාන පිළිසකර කරගැනීම සඳහා ලබාදෙන ණය මුදලේ සීමාව රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
‘අත්වැල ණය යෝජනා ක්‍රමය‘ යටතේ අදාළ කොන්දේසි හා නියමයන්ට යටත්ව සියයට දෙකක සහනදායී පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ පහක උපරිම ණය මුදලක් ලබාදීමට ඉකුත් මාර්තු 20 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබිණි.
නමුත් ව්‍යාපාරික ස්ථාන සඳහා සිදු වී ඇති හානි සැලකිල්ලට ගැනීමේදී එම උපරිම ණය මුදල ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇති බැවින් මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.