රංජන් කස්තුරි
මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ඉරිදා (12) ආරම්භ වී මේ මස 26 වැනි දා දක්වා පැවැත්වෙන බව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (10) කොළඹ දී පැවසීය.
සම්ප්‍රදායානුකූලව ඉරිදා (12) පෙරවරු 6 පසුවී විනාඩි 2ට යෙදෙන සුබ මොහොතින් කප් සිටුවීම සිදුකෙරන බවද කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
කුඹල් පෙරහර මේ මස 16 වැනි දා පස්වරු 6.16 ට ආරම්භ වී දළදා වීදිය,ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ විදිය,යටිනුවර වීදිය,රජවීදිය ඔස්සේ පැමිණ ගෙවදීමට නියමිත බවද ඔහු කීය.
කුඹල් පෙරහර 17,18,19 සහ 20 යන දිනවල පැවැත්වෙන අතර දිනපතා එම පෙරහර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළට විත් යෙදීවිමට නියමිත බවද ප්‍රදීප් නිලංග දෑල මහතා කිය.
මහනුවර ඇසළ මංගල්‍යයේ රන්දෝලි පෙරහර මේ මස 21 වැනි දා ආරම්භ කෙරන අතර 22,23,24 සහ 25 යන දිනවල පැවැත්වෙන අතර දිනපතා එම පෙරහර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය,කොළඹ වීදිය,යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් පැමිණ ගෙවදිමට නියමිතය.