මහනුවර- ඇල්ල අතර වායුසමනය කළ දුම්රියක්



 
(මහින්ද නිශ්ශංක)


මහනුවර  සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර හෙට (3) සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි වායුසමනය කළ විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇත.

දේශීය හා විදේශීය සංචාරකයන්ගේ පහසුව සඳහා මෙම වායු සමනය කළ දුම්රිය ධාවනයට යෙද වු බව නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා පවසයි.

මෙම දුම්රිය යෙදවීම නිසා කොළඹ කොටුව- මහනුවර හා මහනුවර කොටුව අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල ධාවනය කරන දුම්රියන් හෙට (3) සිට අවලංගු කර ඇත.