මහනුවර 1471ක් පීඩාවට


(මොහොමඩ් ආසික්)
 
මහනුවර දිස්ත්‍රික්කය තුල  පවැතින  අධික වර්ෂාව   හේතුවෙන් අද 23 සවස   වන විට  දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස  14 ක පවුල් 332  කට අයත් පුද්ගලයින් 1471  දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් එයින්  ආරක්ෂිත ස්ථාන දෙකක පවුල් 20  කට අයත් පුද්ගලයින්  88  දෙනෙකු තව දුරටත්  රැඳී සිටන බවත්   ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කීය.

 
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත්  සඳහන් කළේ, ආපදා තත්වයන් හේතුවෙන් නිවාස 97 කට  කට හානි වී ඇති බවත් එයින් නිවාස තුනකට පූර්ණ හානි සිදුව ඇති බවත් තවත් නිවාස 94  කට අර්ධ හානි සිදුව ඇති බවත්ය.  කෙසේ නමුත් දැනට ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයින් . සියලු දෙනාට අවශ්‍ය පහසුකම්  යුද හමුදාව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල මැදිහත් විමෙන් සිදු කරන බවද රණවීර මහතා කීය.