(යොහාන් භාසුර)
කොරෝනා ‘ඩෙල්ටා’ ප්‍රභේදය පිළිබඳව වගකීමෙන් කටයුතු නොකළ හොත් රට අවදානම් තත්වයකට පත්විය හැකි බව ශ්‍රී ලංකා මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
‘කොවිඩ්’ මර්දන වැඩසටහන ‘ඩෙල්ටා’ ප්‍රභේදය පිළිබඳ පූර්ණ අවබෝධයකින් තොරව කටයුතු කරන බවත් ‘කොවිඩ්’ මර්දන වැඩසටහන සාමාන්‍ය පැවැති ආකාරයට පමණක් ක්‍රියාත්මක වන බවත් රෝහණ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයකින්ම මේ වන විටත් ‘ඩෙල්ටා’ ප්‍රභේදය ආසාදිතයන් හමුවී ඇති බවත් දෛනිකව තවමත් 2000 ඉක්මවූ රෝගීන් වාර්තා වන බවත් සභාපතිවරයා කීය.

