මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනයකට සැරසෙති



(ජුඩ් සමන්ත)
 

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  හෙට(21)  වැඩ වර්ජනයක නිරත වීමට නියමිත බව  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
 
දැනට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධීක්ෂණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් බවත්,නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ පරිපාලන මහජන සෞඛ්‍යවරයා අතරට ප්‍රජා වෛද්‍ය විශේෂඥ නමින් වෛද්‍යවරයෙකු පත් කිරීමට රජය සුදානම් වන බවද උපුල් රෝහණ මහතා සදහන් කරයි.
 
මෙම තත්ත්වය වහාම අත්හිටුවන ලෙස දින 14 කට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියට දැනුම් දුන් නමුත්,ඊට නිසි ප්‍රතිචාර නොමැති නිසා 21 වැනිදා දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බවත්,ඊටද ප්‍රතිචාර නොදැක්වුවහොත් දිවයින පුරා වැඩ වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.