මහජන පුස්තකාලයෙන් ජ්‍යෙෂ්ඨයන්ට සහන


කොළඹ මහජන පුස්තකාලයේ පාඨක බලපත්‍රය හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පාඨක බලපත් දෙකට අමතරව තවත් බලපත් දෙකක් ලබාදීමටත් එසේ ලබාගන්නා පුස්තක සඳහා ආපසු බාරදීමේ කාලය සති දෙකේ සිටි සති හතර දක්වා දීර්ඝ කර ඇතැයිද පුස්තකාල ප්‍රකාශකයකු පැවසීය.

වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එම පහසුකම් ලබාදීමට මහජන පුස්තකාලය කටයුතු යොදා ඇත.