මහජන පරීක්ෂකවරුන් යැයි පවසා ජනතාව බියවද්දවා මුදල් ගත් දෙන්නෙක් දැලේ


(රවින්ද්‍ර විරාජ් අබයසිරි)


මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ලෙස නිවාස හා ව්‍යපාරික ස්ථාන පරික්ෂාකර ජනතාව ජනතාව බියවද්දවා මුදල් ලබා ගැනිමේ නිතරවු සංවිධානත්මක කල්ලියක කාන්තාවක හා පිරිම් පුද්ගලයකු  මාතලේ නගරයේදී අද(10)  අත්අඩංගුවට ගත්බව මාතලේ පොලිසිය පවසයි.


ඩෙංගු මදුරු කීටයන්  ‍බෝවන ස්ථාන පරික්ෂා කරන බව වසමින් මාතලේ කළුදෑවල ප්‍රදේශයේ නිවාස හා ව්‍යපාරික ස්ථාන පරික්ෂා කරමින් එම ස්ථනයන්හි ඩෙංගුමදුරු කිටයින් සිටින බව එම නිවාස හා ව්‍යපාරික ස්ථාන හිමිකරුවන්ට පවසා නීතිමය පියවර නොගැනිමට තමන්වෙත මුදල ලබා දෙන පවසා මුදල් එකතු කරමින් සිටියදී මොවුන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.


එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කාත්තන්කුඩිය  ප්‍රදේශයේ කාන්තාවක හා මාතලේ ප්‍රදේශයේ පුද්ගලයෙකි.


නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන පරික්ෂාවේදී මෙම දෙපළගේ  හැසිරිම පිළිබදව  ජනතාවට සැක සිතී පොලිස් හදිසි දුරකථන අංකයට දැනුම් දීමෙන් පසු  මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.