
( කුෂාන් ජයවර්ධන)
මහඉලුප්පල්ලම නගරයේ ප්‍රධාන මාර්ගයට අද(23) උදෑසන කඩා වැදුණු වන අලි දෙදෙනෙකු නිසා එම ප්‍රෙද්ශයේ ජනතාව භීතියට පත්ව තිබිණි.
මහඉලුප්පල්ලම නගරයේ දී තලාව කැකිරාව ප්‍රධාන මාර්ගයට එම වන අලින් දෙදෙනා කඩා වැදී තිබිණි.
පසුව තලාව කැකිරාව ප්‍රධාන මාර්ගයේ ගමන් කළ වනඅලි මහඉලුප්පල්ලම රජයේ ගොවිපල ආශ්‍රිතව ඇති කැලෑබද ප්‍රෙද්ශයකට ඇතුලු වූ බව ප්‍රෙද්ශවාසීහු පවසති.
මහඉලුප්පල්ලම නගරය හා ඒ අවට ගම්මානවල මේ දිනවල දිවා රාත්‍රී දෙකෙහිම නිරන්තරයෙන් වනඅලි සැරිසරන බවත් මේ හේතුවෙන් පාසැල් ළමුන් රැකියා සදහා පිටත්ව යන්නන් ඇතුළු ප්‍රෙද්ශයේ ජනතාව ගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව ඇති බවත් එම ප්‍රෙද්ශවාසීහු පෙන්වා දෙති.
ප්‍රෙද්ශයේ මිනිස් ජීවිත රැසක් ද මේ වනවිටත් වන අලින් විසින් බිලි ගෙන ඇති අතර පවතින තත්වය අනුව තවත් ජීවිත හානියක් සිදුවීමට අත්‍යාසන්න බවද එම ප්‍රෙද්ශවාසීහු පවසති.
ප්‍රෙද්ශයට බලපා ඇති වනඅලි ගැටළුවට නිසි විසදුමක් ලබා දෙන බවට පසුගිය සමයේ විවිධ පාර්ශවයන් තමන්ට පොරොන්දු වුවද මේ වනතෙක් එම පොරොන්දු ඉටු නොවූ බවටද එම ජනතාව මැසිවිළී නඟති.

