මහ රැජිණගෙන් සම්මාන ලබයි


බකිංහැම් මාළිගයේදී දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ සම්මානයට පාත්‍රවී ශ්‍රී ලංකාවට පැමිණි තේජිත සෞභාග්‍ය එදිරිසිංහ තරුණයා පසු අත්තනගල්ල රජමහා විහාරයට පැමිණ විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද හා පින්නවල සෝමානන්ද නාහිමිවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ ඌරාපොළ නගරයේදී හරසරින් පිළිගැනිණි.

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දියමන්ති ජුබිලි සැමරුම් පදනම, පොදු රාජ්‍ය මණ්ඩලය හා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය එක්ව පළමුවරට සංවිධානය කළ සම්මාන උළෙලේදී ඔහු තරුණ නායකයින්ට පිදෙන විශේෂ සම්මානයකින් පිදුම් ලැබුවේය. තේජිත යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයෙක් වන අතර ඔහු ඌරාපොළ ප්‍රාථමික විද්‍යාලයේ හා කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකි.

තේජිතගේ උපන්ගම වන ඌරාපොළ ගම්වාසීන් එක්ව පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුණි.

දෙවැනි එළිසබෙත් රැජිණ අතින් ශ්‍රී ලංකාවේ කාවින්ද්‍යා තෙන්නකෝන් තරුණියටද මෙම සම්මානය හිමිවිය.

web01 web02

(ඡායාරූප - ආනන්ද ජයකොඩි)

web03

සම්මාන දිනූ ලාංකිකයන් දෙදෙනා අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සමග

(ඡායාරූපය  විදේශ අමාතංශ වෙබ් අඩවියෙනි)