(අජන්ත කුමාර අගලකඩ)
දැනට කල් දමා ඇති මහ මැතිවරණය කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් අඩුම තරමින් තවත් මාස තුනකින් පමණ කල්යනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සදහන් කරයි.
මහ මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ඉකුත් 19 වැනිදා දින නියමයක් නොමැතිව කල්දමනු ලැබීය.
ඒ සම්බන්ධයෙන් දිනයක් පසුව ප‍්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප‍්‍රකාශයට පත් කළේය.
එහෙත්, කොරෝනා වයිරසය පැතිරයාමේ අවධානම් තත්ත්වය හේතුවෙන් මහමැතිවරණය අප්‍රේල් මාසයෙන් පසුව ද තවත් මාස තුනකින් පමණවත් කල් යනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් කතාබහ වී ඇතැයි වාර්තා වේ.

