මහ මැතිවරණය කල් යයි


මහ මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවත්වීමට  නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේය.

 කොරෝනා වයිරස් රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද තත්ත්වය පාලනය වන තුරු මැතිවරණයක් පැවැත්වීම ගැන සිතිය නොහැකි බවද සභාපතිවරයා කීවේය.

මේ ව විට පැවැත්වෙන  මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

 ඒ අනුව මහ මැතිවරණය අප්‍රේල් 25 දින නොපැවැත්වෙන අතර ඊට දින 14කට පසු කොරෝනා තත්ත්වය පාලනව වන ආකාරය අනුව මැතිවරණය පැවැත්වෙන දිනය දැනුම්දෙන බව ඒ මහතා කීය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)