(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
සුරැකුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දායකත්වයෙන් සකස් කළ රහසිගත තාක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ඒ පිළිබඳව රහසිගතව ප්‍රශ්න කරන ලදි.
මෙම අවස්ථාවේදී බැඳුම්කර කොමිසමේ නිලධාරීන්ගේ අවසරය මත බැඳුම්කර කොමිසමේ කටයුතු වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් පිටතට යැවන ලදි.
ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දුරථනයෙන් සම්බන්ධ කර ගෙන ලබාගත් අවසරය මත ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙම තාක්ෂණ වාර්තාව පිළිබඳව කොමිසම හමුවේ සාක්කි දුන්නේය. මෙම රහසිගත තාක්ෂණ වාර්තාව සකස් කිරීමේ ක්‍රියාවලියට තමන් දායකත්වය දැරූ ආකාරය පැහැදිලි කරමින් ඒ සම්බන්ධයෙන් හුවමාරු වු විද්යුත් ලිපි තුනක්ද කොමිසමට ඉදිරිපත් කරන ලදි.
නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මේ අවස්ථාවේදී කොමිසම අමතමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉදිරිපත් කරනු ලබන මෙම තාක්ෂණ වාර්තාව රහසිගත වාර්තාවක් බවත් එම වාර්තාව මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ අතට ලැබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් පැවසීය.
කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා. මෙම වාර්තාව මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අතට ලැබුණේ කෙසේදැයි විමර්ශනයක් කරන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවට දැනුම් දීමට හැකියාවක් ඇතැයි දැනුම් දුන්නේය.
නීතීඥ චානක ද සිල්වා මහතා -
මෙම වාර්තාව සම්පුර්ණයෙන් රහසිගත නැහැ. නීතීපතිවරයා කියනවා මේ ගැන විමර්ශනය කරන්න ඕනෑ කියලා. කොමිසම කියනවා මේක කොමිසමට අදාළයි කියලා.
කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා -
මෙම වාර්තාව කොමිසමට අවශ්‍යයි. ඇයි මීට එරෙහි වන්නේ. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට මේ සම්බන්ධයෙන් උත්තර දිය හැකියි. වඩා හොඳ ක්‍රමය වන්නේ මේ පිළිබඳව මහා බැංකු අධිපතිවරයාගෙන් අදහස් විමසීමයි.
මෙම වාර්තාව සම්බන්ධයෙන් උත්තර දීම පිළිබඳව මහා බැංකු අධිපතිවරයාගෙන් දුරකථන මාර්ගයෙන් අදහස් විමසා ඒ පිළිබඳව කොමිසමට දැනුම් දෙන ලෙස ආචාර්ය වීරසිංහ මහතාට දැනුම් දුන් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා කොමිසමේ කටයුතු විනාඩි 15කට කල් තැබීය.
විනාඩි 15කට පසු කොමිසමේ කටයුතු යළි ආරමිභ කළ අවස්ථාවේදී ආචාර්ය වීරසිංහ මහතා කොමිසම අමතමින් සුරැකුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දායකත්වයෙන් සකස් කළ තාක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව මහා බැංකු අධිපතිවරයාට දැනුම් දුන් අවස්ථාවේදී එම වාර්තාව පිටවීම බරපතල කාරණාවක් ලෙස මහා බැංකු අධිපතිවරයා සළකණු ලැබු බවත් නමුත් මෙම වාර්තාව සම්බන්ධයෙන් කොමිසම හමුවේ අසන ප්‍රශ්ණ වලට පිළිතුරු දීමට තමන්ට අවසර දුන්නේ යැයි කීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

