
(හර්ෂණ තුෂාර සිල්වා)
ජනතාවගේ මූල්‍ය ගැටලුවලට විසඳුම් දීම සඳහා ‘මූල්‍ය පාරිභෝගික සබඳතා’ දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
මූල්‍ය පාරිභෝගිකයන්ගේ පැමිණිලි සහ දුක් ගැනවිලිවලට විසඳුම් දීම සඳහා මෙම දෙපාර්තමේන්තුවේ පරමාර්ථය වන අතර මූල්‍ය වෙළෙඳපොළ නියාමනය කිරීම සහ මූල්‍ය පද්ධතිය දිගුකාලීනව ස්ථාවර තබාගැනීමේ අරමුණින් මෙම දෙපාර්තමේන්තුව පිහිටුවා තිබේ.
මූල්‍ය සේවා සැපයීමේදී මූල්‍ය සේවා සපයන පිරිස් අතර තිබෙන දැඩි තරගකාරීත්වය, මූල්‍ය සේවා භාවිත කරන අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙම දෙපාර්තමේන්තුවට පැවැරී තිබෙන වගකීම් ය.
මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, අංක 30, ජනාධිපති මාවත, කොළම 01 තැපැල් ලිපිනයෙන්, [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් (ඊමේල්), 011 2 477 966 යන දුරකතන අංකයෙන් සහ 011 2 477 744 යන ෆැක්ස් අංකයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරන ආයතනවලට අදාළ විමසීම්, පැමිණිලි සහ දුක්ගැනවිලි අදාළ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට මහජනතාව අවස්ථාව සලසා ඇත.

