ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ විදේශ ගමන් බලපත්‍රය මාස තුනකට අත් හිටවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දැනුම්දීමක් අනුව මේ පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් දස කෝටියක භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීමේදී ඔහුගේ බෑණාගේ මූල්‍ය ආයතනයට අයථා වාසි සැලසී යැයි කියන සිද්ධිය ගැන පරික්ෂණ පැවැත්වේ.

