මහ බැංකු බැඳුම්කර ප්‍රශ්නය තවත් ඇදෙයි


මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද සොයැබැලීම සදහා පත් කළ කෝප් අතුරු කමිටුව මෙතෙක් කළ පරීක්ෂණවලදී මහ බැංකුවේ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට එහි අධිපතිවරයාට චෝදනා එල්ල කිරීමට තරම් කරුණු හෙළිවී නැති බව එම අතුරු කමිටුවේ සාමාජික හා හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග මෙම කෝප් අතුරු කමිටුවේ කටයුතු ද අවසන් වුවත් එය ඉදිරි පාර්ලිමේන්තුව යටතේ යළිත් ආරම්භ කර අවසානයක් දක්වා ඉදිරියට ගෙන යා යුතු බව ද  සේනසිංහ මහතා සදහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පාර්ලිමේන්තුව විසිරැවීම නිසා පොදු ව්‍යවසාය පිළිබඳ කමිටුවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි විය.

එම වාර්තාව පසුගිය සිකුරාදා (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කීවත් ඉදිරිපත් නොකැරිණි. එදාම රෑ පාර්ලිමේන්තුව විසිරැවිණි.

රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රකාශ කළේ තමා ඉල්ලීමක් කර තිබිය දීත් එම කමිටුවට තමා නොකැඳවූ බවයි.

_DSC0188