මහ බැංකු ලොක්කා කෝප් කතාව නොපිළිගනි


ශ්‍රි ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුතුවෙන්ම ණය නොගෙන වෙනත්  විකල්පයකට  ගියේ  නම්  වඩාත්  වාසිදායක බවට  “මහ බැංකු  බැඳුම්කර  නිකුතුව පිළිබඳව විමර්ශනය කිරිමේ පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ (කෝප්)” හිටපු  සභාපති  ඩීව් ගුණසේකර  මහතාගේ  ප්‍රකාශය තමා  පිළිනොගන්නා බව ශ්‍රි ලංකා  මහ බැංකුවේ සභාපති අර්ජුන මහේන්ද්‍රන් මහතා  කීවේය.

මේ වන විටත්  මහජන බැංකුවෙන් මහ බැංකුව ණය ලබාගෙන තිබෙන නිසා  බැංකු  මඟින්  ණය ගැනීමට  ගොනු කර  අතර  භාණ්ඩාගාර බිල්පත්  නිකුත්  කිරිම ද සීමිතව කළ හැකි දෙයක් බව ඔහු පැවසුවේය.

එම නිසා බැඳුම්කර  නිකුතුවක්  මගින් ණය ලබාගැනීම එම අවස්ථාවේ  තිබු හොඳම ආර්ථික තීන්දුව බව මහ බැංකුව  කල්පනා කළ බවද අධිපති සඳහන් කළේය.

_DSC0080 _DSC0114 _DSC0178 _DSC0187