මහ පොළ ශිෂ්‍යත්වය 5000ට නඟී


 විශ්ව විද්‍යාලයට ඇතුලත් වන සිසුන්ට  මහපොළ  ශිෂ්‍යත්ව ආධාර වශයෙන් දැනට දෙනු ලබන රුපියල් දෙදාස්  පන්සීයක දිමනාව ලබන වසරේ සිට  රුපියල් පන්දහස දක්වා  වැඩිකර සිසුන් 11300 කට   ලබා දීමට  කටයුතු කරන බව  සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුනසේකර මහතා අද  ගම්පහ දී පැවසීය..

නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවේ   විශ්ව විද්‍යාලය වරම් ලද ගම්පහ දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් හට  මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමිමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට පැමිණි අවස්ථාවේදීය.

ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබු මෙම උත්සවයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන්  විශ්ව විද්‍යාලය වරම් ලද සිසු සිසුවියෝ 1021 දෙනෙක්  මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබා ගත්හ.