(ඩී.ජී.සුගතපාල)
බුස්ස යුද හමුදා කඳවුර ඉදිරිපිට මාර්ගයේ පාපැදියකින් ගමන් කරමින් පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණ තිදෙනෙකු අද සවස පොරවකින් පහරදි බර පතල තුවාලසිදුකර ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
මෙසේ පහරදි ඇත්තේ බුස්ස පිටිවැල්ල පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකුට බවත් අසාධ්‍ය තත්වයෙ ්සිටි ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කල බවත් පොලිසිය පවසයි.
තුවාලකරුගේපුතාට කිසියම් පිරිසක් අද උදේ කඩුවකින් පහරදි තුවාල සිදුකර ඇති අතර පසුව ඔහුගේ පියාවන තුවාලකරු පහරදුන් අයගේ නිවෙස් ඉදිරිපිටට ගොස් බැණ වැදිමෙන් පසු මෙසේ පොරොවකින් පහරදි ඇති බවද අනාවරණයවි තිබේ.

