මහ පක්ෂ දෙක එකතු වන්න ඕනෑ


ශ්‍රී ලංකාවේ ජයටම කි‍්‍රයාත්මක වන සාක්කු පුරවා ගැනීමේ දේශපාලනය අවසන් කිරීමට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් විය යුතු බව චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය අද පැවසුවාය. සාක්කු පුරවා ගැනීමේ දේශපාලනයේ යෙදෙන දේශපාලකයන්ට කවදා හෝ ගෙදර යාමට සිදු වන බව සිහියේ තබා ගත යුතු යැයිද ඇය කීවාය. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ ස්වයං චරිතාපදානය එළිදැක්වීමේ අවස්ථාවේදී ඇය එසේ පැවසුවේ එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මූලාසනයේ සිටියදීය.