මහ දවාලේ 60000ක් කොල්ල කයි


පෞද්ගලික ලීසිං ආයතනයක මුදල් එකතු කරමින් යතුරු පැදියකින් යමින් සිටි නියෝජිතවරයකුට හෝමාගම මඩවල පාරේදී ගිනි අවියක් පෙන්වා රුපියල් 60,000ක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.

කළුතර දකුණ මිහිකතවත්ත හන්දියේදී අත් බෝම්බයක් සමග හමුදා සෙබළකු (32) අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කිසියම් අපරාධයක් සිදුකිරීමට මෙය ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.