මහ ඡන්දය පරණ ක්‍රමයටම ඉල්ලයි


ඩයනා උදයංගනී
         
කේවල හා සමානුපාතික මිශ‍්‍ර නව මැතිවරණ ක‍්‍රමය නිසා රට අස්ථාවර වන බවත්, ඉදිරි පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණ පැරණි මනාප ක‍්‍රමය යටතේම පැවැත්විය යුතු බවත් සමස්ත ලංකා මහජන කොංග‍්‍රස් පක්‍ෂයේ සභාපති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

         
නව මැතිවරණ ක‍්‍රමය යටතේ තම පක්‍ෂයේ මන්ත‍්‍රීධූර සංඛ්‍යාව වැඩිවී ඇති නමුත් සභාවල බලය පිහිටුවීමේදී ගැටලූවක් ඇතිවී ඇතැයි කී අමාත්‍යවරයා මැතිවරණ ක‍්‍රමයක් සකස් කළ යුත්තේ පක්‍ෂයකට හෝ නායකයෙකුට වාසි වන අයුරින් නොව රටට වාසි වන අයුරින් බවද සඳහන් කළේය.
 
වත්මන් යහපාලන රජයෙන් ඉවත්වීමේ කිසි බලාපොරොත්තුවක් නැතැයිද අමාත්‍යවරයා කීවේය.
 
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (20)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.