
(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම හෙට (13) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරුන්,අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමග කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ තිබේ .
අම්පාර,අනුරාධපුරය,පොළොන්නරුව,මොණරාගල,ත්‍රිකුණාමලය,මඩකලපුව,කුරුණෑගල,හම්බන්තොට, හා පුත්තලම යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීමේ දී ප්‍රමුඛතාව ලබා දීමට ද මෙහිදී එකඟතාවක් ඇති විය.

