මහ ඇමැති සරත් ඒකනායක නැවතත් පැසිපන්දු මුල් පුටුවට
ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයේ සභාපතිවරයා ලෙස මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා නැවතත් පත්විය. වින්ග්කමාන්ඩර් චන්දන ලියනගේ මහතා ලේකම්වරයා ලෙස පත්ව සිටියි.
බස්නාහිර පළාත් මහ ඇමැති ශ‍්‍රවණාගාරයේදී පැවැති මහ සභා රැස්වීම හා නිලවරණයේදී (2012/13) සියලූ තනතුරු සදහා නිළධාරීහු නිතරගයෙන් පත්වුහ.
නිලධාරී මඩුල්ල:
සභාපති: ඇමැති සරත් ඒකනායක මහතා,
ජ්‍යෙෂ්ඨ උප සභාපති: හිටපු නියෝජ්‍ය පොලිස්පති ටී. කනගරත්නම් මහතා,
ලේකම්: චන්දන ලියනගේ මහතා,
උප සභාපතිවරු: මේජර් ජනරල් ජනක රත්නායක, අජිත් කුරුප්පු, සරත් පින්ගමගේ, කැප්ටන් විරාජ් ලීලාරත්න යන මහත්වරු,
භාණ්ඩාගාරික: ක‍්‍රිෂාන්ත පෙරේරා මහතා,
උප ලේකම්: ලූතිනන් කර්නල් ශාලිය පතිරණ මහතා,
උප භාණ්ඩාගාරික: පොලිස් අධිකාරී ටී. ගනේෂනාදන් මහතා

