මහ ඇමැති ප්‍රසන්නට විනය පරීක්ෂණයක්?


තම නිවසේ පැවැති රැස්වීමක දී පළාත් මෛත්‍රීපාල සිරිසේන ජනපති ශ්‍රීලනිප සභාපතිත්වයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් සම්මත කර ගත්තේයැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත් වන බව පක්ෂ්‍ය අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ඒ සඳහා අවස්ථා තුනක දී සාකච්ඡා පැවත්වා ඇති බවත්, එම සකච්ඡාවලට ඇමැතිවරයකු සහ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු සහභාගී වි ඇති බවත් දැන ගන්නට තිබේ.

මහ ඇමැතිවරයාට එරෙහිව පළාත් සභා ඇමැතිවරු දෙදෙනකු ඇතුළු මන්ත්‍රීවරු 10 දෙනෙක් ප්‍රසිද්ධියම කටයුතු කරති. තවත් පිරිසක් එම පිලට එකතු වන්නට සිටින බව ද පළාත් සභා ප්‍රකාශකයෙක් කීවේය.

මේ ගැන කළ විමසීමක දී රණතුංග මහතා කීවේ තමා ඉවත් කිරීමට අවස්ථා ගණනාවක දී ඇතැමුන් උත්සාහ කළත් එය සාර්ථන නොවූ බවයි. තමා මහ ඇමැති ධුරයෙන් ඉවත් කිරීම  පහසු කාරණයක් නොවන බව ද ඔහු කීවේය.