මහ ඇමැති පටලා මහ අමාරුවක වැටේ


බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පහර දුන්නේයැයි රාජගිරිය මැල්වත්තේ පුද්ගලයකු පොලිසියට දුන් ප්‍රකාශක අසත්‍යක් බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

පහර කෑ බව කියන පුද්ගලයාගේ බිරියගේ හා මහ ඇමැතිගේ ප්‍රකාශවලින් ඒ බව තහවුරු වූ බවත්, සාවාද්‍ය ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතියෙන් කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

පියසේන නම් පැමිණිලිකරුට තුවාල වූ ආකාරය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙයි.