මහ ඇමැති ආරක්ෂක රියැදුරා රිමාන්ඩ්


සබරගමුව මහ ඇමැති මහීපාල හේරත්ගේ  ආරක්ෂාව සඳහා යොදාගත් පළාත් සභාවට අයත් ජීප් රථයක ගංජා තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් එහි රියාදුරා ලබන 22 දක්වා රිමාන් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් මයිකල් මැචාඩෝ මහතා නියෝග කළේය.මෙසේ රිමාන්ඩ් ගත කෙරුණේ චමින්ද රසික අතුකෝරල නැමත්තෙකි. 

සබරගමුව  මහඇමැතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ මෙම ජීප්රථයේ ගංජා කිලෝ 3ක් සඟවා තිබියදී වලාන දුෂණ මර්දන ඒකකය මගින් පොල්ගහවෙලදී අත් අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය. මෙම ජීප් රථය කලක් පොලිසියට අයත්ව තිබූ පසුව පළාත් සභාවට පවරාගෙන ඇතැයි පොලිසිය කියයි.

206 207 208