
මහා බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ප්‍රකට ‘සිල්වර්ස්ටෝන් මෝටර් රථ ධාවන තරගය’ නැරැඹීමට තමිල්නාඩු මහ ඇමැති මෙන්ම ජනප්‍රිය දෙමළ නළුවකු ද වන විජේ ද එක් විය.
තරගය ආරම්භ කිරීමට සංඥාව ලබා දුන්නේ ද විජේ ය. ඉන්දීය ජාතිකයකු අතින් ‘සිල්වර්ස්ටෝන් මෝටර් රථ ධාවන තරගය’ ආරම්භ වුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
රංගනයට සමු දී දේශපාලනයට පිවිස සිටින විජේ, ‘සිල්වර්ස්ටෝන් මෝටර් රථ ධාවන තරගය’ නැරැඹීමට විශේෂ අමුත්තකු ලෙස සහභාගී වූයේ තරගාවලියට තරගකරුවකු ලෙස ඊට එක්වී සිටින අජිත් කුමාර්ගේ ඇරැයුමකට අනුවය.
අජිත් කුමාර් ද විජේ මෙන්ම අතිශය ජනප්‍රිය දෙමළ නළුවෙකි. තරග පිටියේ දී අජිත් කුමාර්, තමිල්නාඩු මහ ඇමැති විජේ පිළිගත්තේ උණුසුම් ලෙස වැලඳ ගනිමිනි. අජිත් කුමාර්, මේ වනවිට ප්‍රකට ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූරයෙකි.
දෙමළ සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙක් මෙලෙස එක් වෙමින් දේශපාලන සහ ක්‍රීඩාව එකට සම්බන්ධ කිරීම ලොව පුරා සිටින දෙමළ සිනමා රසිකයන්ගේ සහ මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක් වුණු සිදුවීමක් විය.
අජිත් කුමාර් පැවැසුවේ, තමිල්නාඩු මහ ඇමැති ලෙස විජේ සිනමා පමණක් නොව, ක්‍රීඩා ද ප්‍රවර්ධනය කෙරෙහි දැඩි ලෙස උනන්දුවක් දක්වන බවය. දෙමළ සිනමාවේ ප්‍රතිවාදීන් ලෙස හැඳින්වෙන විජේ සහ අජිත් කුමාර් සුපිරි තරු දෙපළ මේ අයුරින් ජාත්‍යන්තර මට්ටමේ සිදුවීමකදී එකට හමුවීම ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට ද හේතුවක් වී ඇත.

