කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් කළ සිඝ්‍රගාමි දුම්රියේ මැදිරියක් අද (31) මිරිගමදි ගැලවී යාමෙන් දුම්රිය ප්‍රමාදවු අතර පස්යාල ගිරිඋල්ල පාරේ විල්වත්ත දුම්රිය ගේට්ටුව වැසි තිබීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා පැමිණියේය.
මෙම දුම්රිය මිරිගම දුම්රිය ස්ථානය පසු කර විල්වත්ත දෙසට යද්දි මැදිරියක් ගැලවි වෙන්වි ගොස් තිබිණි. දුම්රිය සේවක පිරිස් වහා ක්‍රියාත්මක වී එය සවි කරනු ලැබිමෙන් අනතුරුව පැය බාගයක පමණ ප්‍රමාදයකින් පසු දුම්රිය ගමන් ආරම්භ කරනු ලැබිය.



