මස්සිනාගේ පහරින් මස්සිනා මරුට


(කාංචන කුමාර ආරියදාස)

ගලේවෙල පට්ටිවෙලදී දෙමස්සිනෝ අතර ඇති වූ වචන හුවමාරුවක් දුරදිග ගොස් එක් අයකු එල්ල කළ තියුණු ආයුද ප්‍රහාරයකින් 23 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ ලහිරු ධනංජය නමැති 23 හැවිරිදි තරුණයකි. මියගිය තරුණයා බහුකාර්ය සංවර්ධන සේවකයෙකි.