මස්සිනා මැරූ අයට මරණ දඬුවම



(ටෝනි කරුණානායක)

ගම්පහ යක්කල, මහවිට ප්‍රදේශයේදී පිහියකින් ඇන තම සහෝදරියගේ සැමියා ඝාතනය කළ විත්තිකරුවකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(8) මරණ දඬුවම නියම කළේය.

2002 අගෝස්තු 20වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මහවිට වෙළඳසලක් ඉදිරිපිටදී එදිරිසිංහ පේඩිගේ අමරපාල (70) නමැත්තා එසේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූයේ එවකට 47වැනි වියේ පසුවූ මෙරගල් පේඩිගේ නිමල්සිරි යන විත්තිකරුටය.

දෙදෙනා එක්වී සුරා පානය කරමින් සිටින විට ඇතිවූ ඉඩම් ආරවුලක් සම්බන්ධ කථාබහක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇත.