මස්කෙළිය ඔය පිටාර ගැලීමෙන් පවුල් 9 ක් ආරක්ෂිත ස්ථාන වලට


රංජිත් රාජපක්ෂ  
                      
 
මවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින මස්කෙළිඔය පිටාර ගැලීමෙන් නිවාස නමයක් ජලයෙන් යට වී ඇති බව මස්කෙලිය පොලිසිය කියයි.


අද (21) උදැසන 8 ට පමණ ගඟ පිටාර ගැලීමෙන් මෙම නිවාස ජලයෙන් යටවු බව පොලිසිය පවසයි.


අවතැන් වු පවුල් නමයකට අයත් සමාජිකයන් තාවකාලිකව ගවරවිල දෙමළ මහ විද්‍යාලයට යොමු කළ බව මස්කෙළිය පොලිසියි කියයි.