මසල් මේනියා දැයට කිරුළ කායවර්ධන තරගාවලිය හෙට සිට


”මසල් මේනියා” දැයට කිරුළ විවෘත කායවර්ධන ශූරතාවලියේ (2012) හෙට සහ අනිද්දා (7-8) පැවැත්වේ. එහි මූළික වටයේ තරග හෙට පෙරවරු 10ට මරදාන මල්ටි ෆිට්  කායවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. අවසන් මහා තරග අනිද්දා පස්වරු 6ට අනුරාධපුරය ඔයාමඩුව දැයට කිරුළ ප‍්‍රදර්ශන භූමියේදී පැවැත්වීමට නියමිතය. ”මසල් මේනියා” අයෝමය ශූරයාට තේරෙන තරගකරුවාට රුපියල් 50,000ක් පිරිනැමේ. දෙවැනි ස්ථානයට රුපියල් 30,000 ක් හා තෙවැනි ස්ථානයට රුපියල් 20,000 ක් පිරිනැමෙන අතර 10 වැනි ස්ථානය දක්වා පැමිණෙන තරගකරුවන්ට පදක්කම් හා සහතිකපත් ප‍්‍රදානය කිරීමටද කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ කායවර්ධන සංගමය, ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය මල්ටිෆිට්  ෆිට්නස් කෝපරේෂන් ආයතනය අනුග‍්‍රහයෙන් තරගාවලිය සංවිධානය කරයි. මූලික වටයේ තරග හෙට පෙරවරු 10ට ආරම්භ වන බව ප‍්‍රවීණයන්ගේ කායවර්ධන සම්මේලනයේ සභාපති තිලක් ජයවීර මහතා ”ලංකාදීප”යට පැවැසීය. තරග අයැදුම්පත් හෙට පෙරවරු 10ට පෙර මල්ටිෆිට් කායවර්ධන ආයතනය, නො. 696/1, මරදාන පාර, කොළඹ (ආනන්ද විදුහල ඉදිරිපිට) ලිපිනයට යොමු කළ යුතුය.