(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව මුදලක්කුලිය ප්‍රදේශයේ නිවසක පැවැති සාදයකට මස් පිණිස ගැනීම සඳහා රැගෙන විත් සඟවා සිටි ගල් ඉබ්බන් සිව් දෙනෙකු සොයා ගැනීමට ආණමඩුව පොලිස් නිලධාරීන් අද (16) සමත් විය.
ඉබ්බන් සඟවාගෙන සිටි සැකකරුද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
ආණමඩුව පොලිසියේ නිළධාරින්ට ලැබුණ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර ඒ වන විට මුදලක්කුලිය ප්‍රදේශයේ නිවසක ළිදකට දමා මෙම ඉබ්බන් සඟවා තිබු බව කියයි.
මෙම ගල් ඉබ්බන් නිවසේ පැවැත්විමට නියමිතව තිබු සාදයේදී මසට ගැනිමේ අරමුණීන් මෙසේ ළිද තුළ සඟවා තිබු බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.