මසට ඉබ්බන් එකතු කළ අයෙක් අත්අඩංගුවට


(එච් චන්දන)

වෙසක් දිනවල සුපිරි හෝටල්වලට අලෙවි කිරීමට ඉබිමස් එකතු කරමින් සිටි බව කියන පුද්ගලයකු ඉබ්බන් තිදෙනකු සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.

වරද පිළිගත් සැකකරු ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළ පුත්තලම වැඩ බලන දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බුවනක රාඡකරුණා මහතා සැකකරුට ලබන 17 වැනි දා පුත්තලම අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළේය,

ඉබ්බන් තිදෙනා සුදුසු  ස්ථානයකට මුදාහරින ලෙස වනජීවි නිලධාරීන්ට නියෝග කෙරිණ.