
(ප්‍රින්ස් රත්නායක)
බලන්ගොඩ අභිමානගම ප්‍රදේශයේ පදිංචි සේවකයෙක් කෝවිඩ් ආසාදනය වී ඇති බව හඳුනාගැනීමත් සමඟ ඔහු ඇඹිලිපිටිය කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇත.
ඔහුගේ පළමු ආශ්‍රිතයන් 80ක් පමණ මේ වනවිට නිරෝධායනයට ලක්කර තිබේ.
බලන්ගොඩ ජාතික පාසලේ දරුවන් කීප දෙනෙක් ආසාධිත පුද්ගලයා සමග ක්‍රිකට් ගැසීමට එක්ව තිබේ. එම දරුවන් නිරෝධායනයට ලකව ඇති බව සැළවීමෙන් දෙමාපියන් විසින් දරුවන් පාසලෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළ බව විදුහල්පති රවින්ද්‍ර සිල්වා මහතා කීය.
එහිදී වැඩිදුරටත් විදුහල්පතිවරයා කීවේ 50% ක් පාසලට දරුවන් කැඳවන බවත් ඒ අනුව දවසක් හැර දවසක් දරුවන් පාසලට එන බව හා අද දිනයේ පාසලට පැමිණි සංඛ්‍යාව 174 ක් බවය.
ආසාධිත පුද්ගලයා ඇඹිලිපිටිය කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර පළමු ආශ්‍රිතයන් 80ක් පමණ නිරෝධායනයට ලක්කර ඇති බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දීන් රිෆයිඩීන් මහතා සඳහන් කළේය.
එමෙන්ම පාසල වසා දැමීමට අවශ්‍ය නොවන බවත් විෂබීජහරණය කිරීම ප්‍රමාණවත් වන බැවින් එම කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇත.

