
(යොහාන් භාසුර)
කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නුලාරා නෙලින්දී ඒකනායක රචනා කළ ‘පාස්කු දා තනිවූ සඳුනි’ පොත අළෙවියෙන් ලැබූ ආදායමෙන් ‘පාස්කු ඉරුදින’ ප්‍රහාරයේ වින්දිතයන් වූ දරුවන් දෙදෙනෙක්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කළේය.
‘පාස්කු ඉරුදින’ ප්‍රහාරය සැළවීමත් සමඟ ඉන් බියට පත්වූ එවකට වඩාත් කුඩා දැරියක් වූ නුලාරා බෝම්බ ප්‍රහාරයේ අත්දැකීමක් මාතෘකාව කරගෙන මෙම පොත රචනා කළ අතර එම්. ඩී. ගුණසේන පොත් ප්‍රකාශකයෝ එය ප්‍රකාශනය කරති.
එම ශිෂ්‍යත්ව ලැබූ පිරිමි දරුවාගේ මව ද, ගැහැණු දරුවාගේ පියා ද, මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ පුපුරුවා හැරි බෝම්බයෙන් මියගොස් තිබේ.
එම දරුවන් දෙදෙනා පසුගිය අප්‍රේල් මස 21 වැනිදාට යෙදී තිබූ පාස්කු දිනයේ කටුවාපිටිය සුසාන භූමියේ ඉටි පහන් දල්වමින් සිටියදී ‘ලංකාදීප’ ඡායාරූප ශිල්පී ළහිරු හර්ෂණගේ කැමරා කාචයට හසුව ‘ලංකාදීප’ පුවත්පතේ එම ඡායාරූපය පළවීමෙන් පසුව මෙම ශිෂ්‍යත්ව සඳහා එම දරුවන් තෝරාගත්තේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





