(විනීතා එම් ගමගේ)
ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 වසරේ දී ග්ලයිෆොසේට් පිළිකා කාරකයක් ලෙස නම් කොට ඇතැයි කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, නිව්යෝක් හි මෙට්‍රොපොලිටන් රෝහලේ වෛද්‍ය අධිකාරී, ලෝක බැංකුව හා යුනිසෙෆ් සංවිධානවල උපදේශකවරයෙකු වන වෛද්‍ය සරත් ගුණතිලක මහතා ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවෙන් ලබා ගත් සාම්පල පිළිබඳව ඇමරිකාවේ කළ පළමු පරික්ෂණයේ දීම මෙරට වකුගඩු රෝගයට හේතුව ග්ලයිෆොසේට් බව තහවුරු කරගත් බව ද ගුණතිලක මහතා ප‍්‍රකාශ කළේය.
ඒ පිළිබඳව පළමු පර්යේෂණ පත‍්‍රිකාව පළවූ පසු තමන් සේවය කරන කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට මෙරට විද්වතුන් 12 දෙනෙකු විසින් පෙත්සම් යවා ඇති බවත් ඒ පෙත්සම්වලට පිළිතුරු ලෙස පිටු හැට අටක ලිපියක් ලිවීමට තමන්ට සිදුවූ බවත් ගුණතිලක මහතා පැවැසීය.
ග්ලයිෆොසේට් නිපදවන මොන්සැන්ටෝ සමාගමට මේ වන විට සැන් ප‍්‍රැන්සිස්කෝ නුවර අධිකරණවල පමණක් නඩු 400 කට වඩා පවරා ඇති බවත් ඇමරිකාවේ අධිකරණවල නඩු දහසකට වඩා ඇති බවත් හෙතෙම කියා සිටියේය.
ග්ලයිෆොසේට් පිලිකා කාරකයක් බවට මුල් වරට සැක පළ කළේ 1985 දි ඇමරිකානු පරිසර දෙපාර්තමේන්තුව විසින් බව පැවසූ ගුණතිලක මහතා එය සී වර්ගයට අයත් පිළිකා කාරකයක් බව පසුව සොයා ගත් බව ද පැවැසීය.
ග්ලයිෆොසේට්, මේස ලූණුවලටත් වඩා සුරක්ෂිතයැයි එකී සමාගම පළ කළ දැන්වීමකට එරෙහිව පැවරූ නඩුවකින් එම සමාගමට ඩොලර් 50000 ක් දඩ ගෙවීමට සිදුවූ බවත්, 2012 වසරේ දී එවැනි දැන්වීමකට එම සමාගමටම බ‍්‍රසීලයේ දී ඩොලර් 250000 ක් දඩ ගැසූ බවත් මහාචාර්යවරයා එළි කළේය.
යුරෝපීය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ මුත‍්‍රා සාම්පල පරික්ෂා කිරීමේ දී ජලයේ ඇති ග්ලයිෆොසේට් ප‍්‍රමාණය මෙන් 13 ගුණයක් එම සාම්පල වල ග්ලයිෆොසේට් තිබු බව ද හෙළි වී ඇතැයි හෙතෙම පැවැසීය.
මව්කිරිවල පවා ග්ලයිෆොසේට් අඩංගු බව මේ වනවිට හෙලිවී ඇතැයි පැවසූ ගුණතිලක මහතා ග්ලයිෆොසේට් නිසා පිලිකා වකුගඩු රෝග පමණක් නොව ස්මරණය අඩු වීම, දියවැඩියාව,ඔටිසම් තත්ත්වය වැනි රෝග රැසක් ඇතිවිය හැකි බව පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි ද කීය.
මහාචාර්යවරයා මේ අදහස් පළ කළේ උපාය මාර්ගික සංවර්ධන ආයතනයේ (සෙමා) අද (05)පැවැති ප‍්‍රසිද්ධ දේශනයක් අමතමිනි.