මව් සෙනෙහස අහිමි වී


මව ඇතුළු රංචුව සමග කෑම සොයා යද්දී මේ පැටවා අම්පාර දිඝවාපියේ ඉරිඟු හේනක අතරමං විය. අවුරුදු දෙක හමාරක් වයසැති මේ පැටවා එක්කෝ අම්මාගෙන් මඟහැරෙන්නට ඇතැයි ද නැත්නම් මව මියයන්නට ඇතැයි ද වනජිවි නිලධරයෝ සිතති. අම්පාරේ සිට උඩවලවේ ඇත් අතුරු සෙවනට පැටවා රැගෙන යාමට නියමිතය.