මවටයි පුතාටයි ලක්‍ෂ 371ක දඩ
රුපියල් කෝටි 12කට ආසන්න රන් බඩු තොගයක් ද රුපියල් ලක්‍ෂ 27ක රට සල්ලි ද අනවසරයෙන් මලයාසියාවේ ක්වාලලම්පූර් නුවරට රැගෙන යද්දී කටුනායක දී අත්අඩංගුවට ගත් කොරියා ජාතික මවට හා පුතාට රුපියල් ලක්‍ෂ 371ක දඩයක් නියම විය. රන් බඩු හා රට සල්ලි ද රාජසන්තක කැරිණි. ඔවුහු දැන් ඇමෙරිකා පුරවැසියෝය.
මව නිදහස් කළ අතර, දඩය නොගෙවූ නිසා පුතා කටුනායක පොලිසියට බාරදුන් බව දඩය නියම කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ රාජ් මොහාන් මහතා පවසයි.

