මවගේ මරණාසන්න ප්‍රකාශයට අවසර


කොටකෙතන නයනා නිල්මිණි හා ඇගේ දියණිය කාවින්ද්‍යා චතුරංගි ඝාතන නඩුවේ නයනා නිල්මිණි මරණාසන්න අවස්ථාවේ පුතාට කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්නැයි විත්තියේ නීතිඥයන් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ප්‍රතික්ෂේප කළාය.

එම ප්‍රකාශය මත පැමිණිල්ල මෙහෙයවීමට ඇය අවසර දුන්නාය.