මවක් සිය දරුවා සමඟ ගෙලවැල ලාගෙන මරුට


(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)

බලංගොඩ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මවක් සිය දරුවා සමඟ අද (27) පස්වරුවේ ගෙලවැලාගෙන මිය ගොස් ඇතැයි බලංගොඩ පොලිසිය කියයි.

මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක්ද යන්න මෙතෙක් අණාවරනය කරගෙන නොමැති බව පොලිසිය පැවැසීය.

පවුල් ආරාවුලක් තිබූ බවට තොරතුරු වාර්තා වූ නමුත් මෙම සිද්ධියට හේතුව සොයා විමර්ශන ඇරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.