මව හා පුතු අතර ගැටුමට මැදිවූ මිණිපිරිය මරුට


(රොමේෂ් මධුෂංඛ)

යාපනය පොතුවිල් මන්සන්ධියේදී මවක හා පුතකු අතර ඇති වූ ආරවුලකදී පුතා එල්ල කළ පිහි පහරකින් එම නිවසේ සිටි ඔහුගේ බාල සහෝදරයාගේ දියණිය(4) මිය ගොස් ඇතැයි කෝපායි පොලිසිය පවසයි.

මේ අතර දැරිය මිය යාමෙන් සිත්තැවුලට පත් දැරියගේ ලොකු තාත්තා වන පිහි පහර එල්ල කළ තැනැත්තා සිය දිවි හානි කරගෙන ඇති අතර  දරුණු කැපුම් තුවාල සහිතව ඔහුගේ මවද යාපනය මහරෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.

අදාළ මව සහ ඇගේ බාල පුතුගේ දියණිය නිවසේ සිටින අවස්ථාවේදී ඇගේ වැඩිමහල් පුතා (දැරියගේ ලොකු තාත්තා) නිවසට පැමිණ ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් ඇති අතර ඔහු පිහියකින් මවට පහරදෙන අවස්ථාවේදී ඊට දැරිය මැදිහත් වී ඇති අතර අදාළ පිහි පහරවලින් පළමුව මවට දරුණු කැපුම් තුවාල සිදුවන අතරම පසුව ගැටුමට මැදිහත් වූ දැරියගේ බෙල්ල ප්‍රදේශශයෙන්ද කැපී ඇත.

කැපුම් තුවාල සහිතව ඇද වැටුණු දැරිය එම අවස්ථාවේදීම යාපනය මහරෝහලට රැගෙන ආවද ඒ වන විටත් දැරිය මිය ගොස් සිට ඇත.

(මියගිය දැරිය)